එන්නත්, ඖෂධ විෂවීම් හොයන්න කමිටු!

0
302

පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී පසුගිය 11 වනදා තරුණියක් මියයාම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළ වාර්තාව අද දිනයේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වෙත ලබාදීමට නියමිතයි.

එමෙන්ම තරුණිය මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂඥවරුන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා.

තරුණිය මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම සදහා විශේෂඥ වෛද්‍යවරුන් 05 දෙනෙකුගෙන් යුත් කමිටුවක් ද පසුගියදා පත් කෙරුණා.

එම කමිටුවේ සාමාජිකයින් ඉකුත් සෙනසුරාදා පේරාදෙණිය ශික්‍ෂණ රෝහලට ගොස් විමර්ශන සිදුකරනු ලැබුවා.

උදරාබාධයක් හේතුවෙන් පේරාදෙණිය රෝහලට ඇතුළත් කෙරුණු අදාළ තරුණිය මියගියේ රෝහලෙන් එන්නත් දෙකක් ලබාදීමෙන් පසුව බවට ඇයගේ පවුලේ ඥාතීන් චෝදනා කර තිබෙනවා.

ඉන් අනතුරුව එම සිද්ධිය සම්බන්ධයෙන් රටේ දැඩි කතාබහක් ඇති වූ අතර ලබාදී තිබූ එන්නත පිළිබද තවත් පාර්ශව රැසක් අදහස් පළ කළා.

එවන් පසුබිමක් තුළ විශේෂ කමිටුවක් පත් කර විමර්ශන සිදුකිරීමටයි සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගනු ලැබුවේ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here