පුටින් පිටි නග්ගද්දී ප්‍රීමා පිටි මිල පහළට!

0
295

ප්‍රිමා තිරිගු පිටි සමාගමේ නිෂ්පාදිත තිරිගු පිටි කිලෝවක මිල (18) දින සිට රු 10 කින් අඩු කළ බව එම සමාගම නිවේදනය කර ඇත.

ඒ බව දිවයින පුරා එම සමාගමේ තිරිගු පිටි බෙදා හරින සියළුම අලෙවි නියෝජිතයන් වෙත දැනුම් දුන්නේය.

ඒ අනුව පාන් නිෂ්පාදනය සදහා භාවිතා කරනු ලබන ප්‍රිමා මිල්ක් බ්‍රැන්ඩ් කිලෝවක් එම සමාගම  අලෙවි නියෝජිතයන්ට රු 210 කට නිකුත් කල අතර, එය වෙලදපොලේ රු 230 වැනි සිල්ලර මිලකට අලෙවි කෙරිණ.ෙ

නව මිල අනුව එම සමාගම ග්‍රින් තිරිගු පිටි කිලෝවක් රු 195 තොග මිලට අලෙවි කරන අතර, එම තිරිගු පිටි කිලෝවක් රු 210 ක සිල්ලර මිලකට අලෙවි කරන බවයි අලෙවි නියෝජිතයන් කියා සිටියේය.

ඒ් අතරම කළු මුහුදේ ධාන්‍ය අපනයන ගිවිසුමෙන් රුසියාව ඉවත්වීමේ ඍජු ප්‍රතිඵලයක් ලෙස ලෝක වෙළෙඳපොළේ  තිරිඟු මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබුණි.

ලොව ප්‍රධාන ධාන්‍ය හුවමාරුවක් වන චිකාගෝ වෙළෙඳ හුවමාරුවේ තිරිඟු බුසලක මිල ඩොලර් 6.89 දක්වා 4.24% කින් ඊයේ ඉහළ ගිය අතර පසුව එම මිල වැඩිවීම 2.9% දක්වා අඩුවී තිබේ.

ලෝක වෙළෙඳපොළේ තිරිඟු සහ සෝයා බෝංචි මිල ද මෙලෙස ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here