ඔපදාගෙන, මතුවෙන්න’ – ‘රුවිතේ’ ගැන ජය ශ්‍රී කට අරියි!

0
1266

ජය ශ්‍රී ලා රුවිතයක් ගැන කිව්ව කතාව පහුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්වුණා. ඒ අස්සේ දියමන්තියක් ගැනත් ජය ශ්‍රී ලා අදහස් දක්වලා තිබුණා. ජය ශ්‍රී ලා කියන මේ කතාවේ ඇත්ත නැත්ත මොකක්ද කියන එක බොහෝ දෙනෙක්ට ගැටළුවක් වුණා. ජය ශ්‍රී ලා මේ ගැන පෙරේදා (24) ‍එෆ්බී ලයිව් එකක් ඇවිල්ලා මේ ගැන පැහැදිලි කිරීමකුත් කළා.

මේ ලයිව් එකේදී ජය ශ්‍රී රෝහිත කිව්වේ,

‘සෑහෙන හාහෝවක් යනවා. ජය ශ්‍රී කියනවා. රුවිතේ කියනවා. මතුවෙන්න කියනවා. බඩු හොඳයි කියනවා. සැරයි කියනවා. ඇත්තටම අපිට කියන්න ඕන, ඕගොල්ලන්ට ගෙස් කරන්න මං දුන්නේ.

මේක සිංදුවක් ද. නැත්නම්, ජය ශ්‍රී ලා දියමන්ති බිස්නස් එකකට බැහැලද. ජය ශ්‍රීලගේ වෙනම දෙයක් ද. ඔන්න ඔහොම කියලා. ඉතිං, කොහොම වුණත් අපිට කියන්න ඕන, මෙන්න මෙච්චරයි. අපේ අලුත්ම අලුත් ලස්සන සිංදුව. රුවිතේ. මතුවෙන්න. මතුවෙන්න කියන්නේ, ඕගොල්ලන්ගේ ටැලන්ට්ස් තියෙනවා නම්, ඒ ටැලන්ට්ස් ඔපදාගෙන, මතුවෙන්න කියන එක තමයි මේ කියන්නේ’ කියලා.

කොහොම වුණත්, ජය ශ්‍රී ල ගේ මේ අලුත් වැඩේ එළඹෙන සිකුරාදා හවස 5 ට ජය ශ්‍රී යූ ටියුබ් නාලිකාවෙන් නිකුත් වෙන්නට නියමිතයි.

මේ ගීතය ලංකාවේ රසිකයින් ආදරයෙන් වැළඳගන්න බව ජය ශ්‍රී ලගේ විශ්වාසයයි. ජය ශ්‍රී ලගේ නිර්මාණ දැකබලා ගන්නට කැමති රසිකයින්ට මේ අවස්ථාව සුවිශේ‍ෂී වෙන බව නිසැකයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here