Wednesday, May 15, 2024

ප්‍රවාහන ඇමතිට කේන්ති යයි… දුම්රිය ගැන ලඟදීම තීන්දුවක්.

දුම්රිය එන්ජන් රියදුරන්ගේ සංගමය විසින් ඊයේ පස්වරුවේ සිට ක්‍රියාත්මක කළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කර තිබෙනවා.

ඒ, අද පස්වරුවේ දුම්රිය බලධාරීන් සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුවයි.

දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ සභාපති චන්දන වියන්දූව පැවසුවේ දුම්රිය රියදුරන් සේවාවාරවල යෙදවීමේ ගැටලුවක් මුල් කර ගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කළ බවයි

ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධනද දුම්රිය රියදුරන්ගේ මෙම හදිසි වැඩ වර්ජනය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කළා.

ඔහු පැවසුවේ ලබන සතියේදී කැබිනට් මණ්ඩලයට මේ පිළිබඳ ඉදිරිපත් කර වහාම තීන්දුවක් ගන්නා බවයි. ජනතාව අපහසුතාවට පත්කරන්නට පළමුව ගත යුතු පියවර කිසිවක් අනුගමනය නොකර ගන්නා වූ මේ ක්‍රියාමාර්ග වලට එරෙහිව කටයුතු කරන බව ඔහු පැවසුවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles