උපුල්ගේ කුලුඳුල් කෘතිය “මකර දේශයේ සිට” 8 එළිදැක් වෙයි

0
1481

මාධ්‍යවේදී උපුල් වික්‍රමසිංහ විසින් රචනා කරන ලද කුලුඳුල් කෘතිය “මකර දේශයේ සිට” නමින් ඉකුත්දා මුද්‍රණයෙන් නිකුත් විය.

කතුවරයා පුරා මාස දහයක කාලයක් තිස්සේ චීනයේ විවිධ ප්‍රාන්තවල ඇවිදිමින් නොයෙක් සංස්කෘතික ක්‍රියාකාරකම්වල සජීවී අත්දැකීම් විඳගනිමින් ලද අත්දැකීම් සම්භාරය මෙම කෘතියට පාදක වී තිබේ.

තවද චීනයේ ප්‍රවාහන පද්ධතියේ දියුණුව සහ තාක්ෂණික කේෂ්ත්‍රයේ ඇතිව තිබෙන ප්‍රබෝදය ගැන ද මෙම කෘතියෙන් විස්තර ඉදිරිපත් කෙරේ.

රුසියාව ප්‍රකාශනයක් ලෙස එළිදුටු මේ ග්‍රන්ථය නුගේගොඩ දුයිෂෙන්ගෙ පොත්හලෙන් මිල දී ගත හැකි අතර පොත එළිදැක්වීම නිමිත්තෙන් පවත්වන උත්සවයක් 2023 අගෝස්තු මස 8 වැනි දින සවස 3.00 ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here