ලංකාවේ නිෂ්පාදිත ප්‍රථම මෝටර් රථය වෙළඳ පොළට.

0
345
moksha electric car

මෙරට ප්‍රථම ස්වදේශීය පූර්ණ විදුලි මෝටර් රථය වන ‘මෝක්ෂ’ නොවැම්බර් මාසයේදී අයිඩියල් මෝටර්ස් විසින් වෙළඳපොළට නිකුත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වනවා.

මෙය රෝද හතරේ හතරැස් විදුලි වාහනයක් ලෙස වර්ගීකරණය කර ඇති අතර, හතරදෙනකුට අසුන්ගෙන යාමට ද හැකියාව ඇත.

‘අයිඩියල් මෝක්ෂ’ රුපියල් මිලියන 4.5ක මිලකට අලෙවි කිරීමට නියමිතයි.

ප්‍රසිද්ධ ඔස්ටින් මිනි මෝක් වෙතින් ආභාසය ලබාගනිමින් නිපදවා ඇති ‘අයිඩියල් මෝක්ෂ’ යනු ඇලෝයි වීල් සහිත පූර්ණ වායුසමීකරණය කළ වාහනයක්.

අයිඩියල් මෝටර්ස් හි සභාපති නලීන් වෙල්ගම මහතා සඳහන් කළේ, ‘අයිඩියල් මෝක්ෂ’ 22.46 kWh ලිතියම් බැටරියකින් සමන්විත වන අතර, එය එක රැයකින් ඇම්පියර් 15ක ගෘහස්ථ චාජරයකට සම්බන්ධ කිරීමෙන් එක් ආරෝපණයකින් කිලෝමීටර් 200ක් දක්වා පරාසයක් ලබා දෙන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here