ඉම්රාන්ගේ පක්ෂ ප්‍රධානියෙකුගේ නිවසට මුද්‍රා තැබේ

0
286

පකිස්තාන ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (පීටීඅයි) මර්දනයේ එහි නවතම පියවරේදී, පොලිසිය පක්ෂයේ ඉස්ලාමාබාද්හි නායක සුල්ෆි බුහාරිගේ වටලා මුද්‍රා තැබූ නමුත්, කිසිවෙකු අත්අඩංගුවට නොගත් බව එරට මාධ්‍ය වාර්තා කළේය.

ආරංචි මාර්ග පැවසුවේ වැටලීම සිදුකරන අවස්ථාවේ බුහාරි ඔහුගේ නිවසේ නොසිටි බවයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් බුහාරි කියා සිටියේ පොලිසිය සහ නාඳුනන මිනිසුන් සහකාර කොමසාරිස් සහ නියෝජ්‍ය කොමසාරිස් ඉදිරියේ ඔහුගේ නිවස වටලා මුද්‍රා තැබූ බවයි.

ඉස්ලාමාබාද් පරිපාලනයේ සහ පොලිස් බලකායේ නිලධාරීන් 40 කට වැඩි පිරිසක් එක්ව මෙම වැටලීම සිදු කර ඇත.

පසුව වැටලීම් කණ්ඩායම නිවසේ විසූ සේවකයන් ඉවත් කර නිවසට මුද්‍රා තැබීය.

මේ මස මුලදී, ඉස්ලාමාබාද් අධිකරණය ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර ඇති බව සඳහන් වේ.

හිටපු අගමැති ඉම්රාන් ඛාන් පෙනී සිටි අවස්ථාවේදී අධිකරණ සංකීර්ණයට පහර දීම, විනාශ කිරීම සහ හානි කිරීම සම්බන්ධයෙන් ඉස්ලාමාබාද් පොලිසිය බුහාරිට එරෙහිව නඩු පවරා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here