Saturday, July 27, 2024

ඉවත් කළ විදේශ ඇමතිගේ ඉතිහාසයත් මකා දමයි

චීනයේ විදේශ අමාත්‍යාංශය, චිං ගන්ග් විදේශ අමාත්‍යවරයා ලෙස බීජිංහිදී එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් අතර පැවති හමුව පිළිබඳ තොරතුරු ඇතුළු ඔහුගේ සියලු ක්‍රියාකාරකම් සම්බන්ධ විස්තර ඉවත් කර ඇතැයි CNN වාර්තා කළේය.

ඔහුගේ පූර්වගාමියා වැන්ග් යී යළි විදේශ අමාත්‍ය ධුරයට පත් කිරීමත් සමග මෙම මකා දැමීම සිදුව තිබේ.

කිසිදු පැහැදිලි කිරීමකින් තොරව ජුනි මස අගදී චිං අතුරුදන්වීමෙන් සති කිහිපයකට පසු ඔහු නෙරපා හැරි බව වාර්තා විය.

චිං ගේ වේගවත්, මාස හයක විදේශ අමාත්‍ය ධුර කාලය සම්පූර්ණයෙන් මකා දැමීම සහ පසුගිය වසරේ අගභාගයේදී උසස්වීමක් ලැබීමට පෙර දළ වශයෙන් දශකයක් පමණ එම තනතුර දැරූ වැන්ග් ඔහු වෙනුවට පත් කිරීම, අභිරහස ගැඹුරු කර ඇත.

චිං සිටින ස්ථානය, ඔහු ඉවත් කිරීමට හේතුව සහ චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයෙකු ලෙස ඔහුගේ අවසාන ඉරණම තවමත් නොදන්නා බව CNN වාර්තා කරයි.

පසුගිය කාලය පුරාම අතුරුදන් වූ ජ්‍යෙෂ්ඨ චීන නිලධාරීන් සම්බන්ධයෙන් අවසානයේ වාර්තා වූයේ ඔවුන් විනය පරීක්ෂණයන්ට ලක් වූ බවයි.

විදේශ අමාත්‍යාංශ නිත්‍ය ප්‍රවෘත්ති සාකච්ඡාවකදී, විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා චිං ප්‍රතිස්ථාපනය කළේ ඇයිද යන්න පිළිබඳ තොරතුරු සැපයීම ප්‍රතික්ෂේප කළ අතර අමාත්‍යාංශ වෙබ් අඩවිය “අදාළ රෙගුලාසිවලට අනුකූලව යාවත්කාලීන කර ඇති” බව කියා සිටියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles