SHI YAN 6 ආවේ ඇයි?

0
610

චීන පර්යේෂණ නෞකාවක් වන ෂි යාන් 6 නෞකාව ඊයේ (25) සිට ලබන 28 වැනිදා දක්වා කොළඹ වාරයේ නැංගුරම් ලෑම සඳහා අවසර ලබා දුන් බව විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේය.

චීන සමුද්‍ර පර්යේෂණ නෞකාවේ පැමිණීම සම්බන්ධයෙන් ඉන්දියාව අප්‍රසාදය පළ කර තිබු අතර මේ හේතුවෙන් මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වී තිබුණි.

ඒ අනුව ෂි යාන් 6 නෞකාව ඊයේ(25) කොළඹ වරායේ නැංගුරම් ලෑමට නියමිතව තිබිණ.නෞකාවට අවශ්‍ය සැපයුම් ලබා ගැනීම සඳහා ෂි යාන් 6 වෙත මෙම අවසරය ලබා දුන් බව විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේය.

යම් කිසි හේතුවකින් කොළඹ වාරයේ නැංගුරම් ලෑමට ෂි යාන් 6 ප්‍රමාද වුවහොත් අනෙක් සෑම නෞකාවකට මෙන්ම ෂි යාන් 6 ටද පැය 72 ක සමා කාලයක් හිමි වන බව විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේය.

“Shi Yan 6” නෞකාව භූ භෞතික ගවේෂණය සඳහා භූ කම්පන පිළිබඳ තොරතුරු එක්රැස් කිරීමට සහ විශ්ලේෂණය කිරීමේ හැකියාව සහිත නවීන විද්‍යාත්මක පර්යේෂණ නෞකාවකි.

එම නෞකාව නාරා ආයතනය සමඟ එක්ව පර්යේෂණයක් සිදුකිරීමට ද නියමිතය.

ඒහි පරීක්ෂණ පැවැත්වීම සඳහා 60 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයකින් සමන්විත වේ.නමුත් ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන කාලය හෝ ෂි යාන් 6 නෞකාවේ ඉදිරි සැලැස්මවල් පිළිබඳව කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවද විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here