Monday, April 29, 2024

අත්දැකීම් වැඩිම පිතිකරුවා අද ශ්‍රී ලංකාව වෙනුවෙන්….

තමා සිය පළමු තරඟයේ ක්‍රීඩා කළ ස්ථානයේම මෙම තරගයේ ක්‍රීඩා කරන්නට බලාපොරොත්තු වන බවත්, මුල් පෙළ ස්ථාවරව පෙනෙන බැවින් මැදපෙළේ අඩුව පුරවන බවත්, නායකයා පන්දුව දුන්නොත් පන්දු යවන්නත් සූදානමින් සිටින බවත් මැදපෙළ පන්දුවට පහර දෙන බවත් ඇන්ජලෝ මැතිව්ස් ඊයේ (25) පස්වරුවේ පැවසීය.

එංගලන්තයට එරෙහිව අද (26) පැවැත්වෙන තරගයේදී පන්දුවෙන් පිත්තෙන් සහ පන්දු රැකීමෙන් යන සියලුම අංශවලින් කණ්ඩායමට උපරිමය දීමට සූදානම්ව සිටින බව කී මැතිව්ස් ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටය දක්වා ගෙනයාමට අවශ්‍ය උපරිම ශක්තිය දෙන බවද සඳහන් කළේය.

සිය සිව්වැනි එක්දින ලෝක කුසලාන තරගාවලිය වන මෙම තරගාවලිය සිය අවසන් එක්දින ලෝක කුසලාන තරගාවලිය බවත් එහි දී ශ්‍රී ලංකා පිලට උපරිම දායකත්වය ලබාදීමට හොඳ සූදානමකින් සිටින බවත් මැතිව්ස් වැඩිදුරටත් සඳහන් කළේය.

එංගලන්තයට එරෙහිව අද පැවැත්වෙන තරගයට පෙර මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඇන්ජලෝ මැතිව්ස් එසේ පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles