උපාලිට ගැසූ බුද්ධි අංශ සෙබළාට වැඩ වරදියි!

0
372

මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන්ට පහරදුන් බව කියන හමුදා බුද්ධි අංශ සාමාජිකයෙකු ගම්පහ මහේස්ත‍්‍රාත් අධිකරණයේදී හඳුනා ගැනුණා.

ඒ අද පැවති හඳුනා ගැනීමේ පෙරට්ටුවේදීයි. උපාලි තෙන්නකෝන් මහතා සහ ඔහුගේ බිරිඳ විසින් සැකකරු හඳුනාගත් බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

ඉකුත් 2009 වසරේ ජනවාරි මස 23 වෙනිදා ගම්පහ ඉඹුල්ගොඩ ප‍්‍රදේශයේදී මෙම පහරදීම සිදුවුණා.

සැකකරු ලබන 29 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ගම්පහ අතිරේක මහේස්ත‍්‍රාත් ලලිත් කන්නන්ගර මෙහිදී නියෝග කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here