වන හා පාරිසරික සමුළුව හෙට ඇරඹෙයි

0
317

21 වන අන්තර්ජාතික ‘‘වන හා පාරිසරික සමුළුව‘‘ හෙට ආරම්භවීමට නියමිතව තිබේ.

සමුළුව හෙට සහ අනිද්දා යන දෙදින තුළ දඹුල්ල, කණ්ඩලම හෙරිටන්ස්හිදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය පැවසුවේය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන හා පාරිසරික විද්‍යා අධ්‍යයන අංශය විසින් සංවිධානය කරන සමුළුවේ මෙවර තේමාව වී ඇත්තේ ‘‘සංවර්ධනය වන ආර්ථිකයන්ගේ පාරිසරික අභියෝගවලට මුහුණදීම‘‘ යන්නයි.

සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහභාගී වන අතර අමෙරිකානු සහ ඕස්ට්‍රේලියානු සහ ජපාන මහාචාර්යවරුන් පිරිසක් සමුළුවේ ප්‍රධාන දේශන පැවැත්වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here