Saturday, September 21, 2024

එජාප – ශ්‍රීලනිප මත ගැටුමක් ! පුංචි ඡන්දය කල් යයි !!

පළාත් පාලන මැතිවරණය ලබන මාර්තු මාසයේම පවත්වන බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්‌තාපා මහතා පෙරේදා (28 ) පැවසුවද, එළැඹෙන පළාත් පාලන මැතිවරණය පවත්වන දිනය සහ පවත්වන ආකාරය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්වකරුවන් දෙදෙනා අතර බලවත් මතභේද උද්ගතව තිබෙන තත්වයක් තුල ඡන්දය පැවැත්වෙන දිනය තවදුරටත් කල් යනු ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

2012 අංක 22 දරන පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත අනුව මැතිවරණය සියයට 70 ක්‌ කොට්‌ඨාස ක්‍රමයටත් සියයට 30 ක්‌ සමානුපාතික ක්‍රමයටත් පැවැත්වීමට නියමිත බව ෆයිසර් මුස්‌තාපා අමාත්‍යවරයා කියා සිටියි.

ඒ අනුව මේ මැතිවරණය නව මැතිවරණ ක්‍රමයට අනුව පැවැත්විය යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැඩිව ප්‍රකාශ කරන අතර එක්සත් ජාතික පක්ෂයේ බහුතර කැමැත්ත වී ඇත්තේ පළාත් පාලන ඡන්දය සමානුපාතික නියෝජන ක්‍රමයට අනුව පැවැත්වීමටයි.

ජනාධිපතිගේ ගැසට් නිවේදනයට විරෝධය 
ජනාධිපතිවරයා විසින් පළාත් පාලන මැතිවරණයේ සීමා නීර්ණය කිරීමේ ගැසට් නිවේදනය පසුගියදා ප්‍රකාශයට පත් කරනු ලැබිය.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනතේ 3 (ඇ) වගන්තියෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප‍්‍රකාරව මෙම පළාත් පාලන ආයතන සීමා නියමයෙන් එහි සඳහන් කර ඇත.

කෙසේවුවද ,එම සිමා නිර්ණයන්ට එක්සත් ජාතික පක්ෂයේ විරෝධය පලවීම හේතුවෙන්, පළාත් පාලන මැතිවරණයේ සීමා නිර්ණයේ ගැටලු විසඳීමට පංච පුද්ගල කමිටුවක් පත්කර තිබේ.Maithripala_Si

සීමා නීර්ණයේ ගැටලු විසඳීමට පළාත් සභා සහ පළාත් පාලන ඇමැතිවරයා පත් කළ කමිටුව නොවැම්බර් 01 වැනිදා (අනිද්දා) සිට සති තුනක්‌ මහජනතාවගේ සහ දේශපාලන පක්‍ෂවල යෝජනා හා විරෝධතා ලබා ගැනීමට නියමිතය.

කමිටුව විසින් මාසයක්‌ ඇතුළත ඇමැතිවරයා වෙත ලබාදෙන වාර්තාව අනුව දැනට ගැසට්‌ කර ඇති සීමා නිර්ණයේ සංශෝධනය සිදුකරනු ලැබීමට නියමිතය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles