Thursday, May 16, 2024

ජනාධිපතිගේ අමාත්‍යංශයට අයත් ස්වර්ණාභරණ පුහුණු පාසල කැලෑවදී

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට අයත් දික්වැල්ල -බෙලිදෙණිය පිහිටි ස්වර්ණාභරණ පුහුණු මධ්‍යස්ථානය කැලෑවැදී තිබේ. රාජ්‍ය මැණික් සංස්ථාව පැවැති වකවානුවේ එනම් 1979දී පමණ එවකට හිටපු මුදල් හා ක‍්‍රමසම්පාදන අමාත්‍ය රෝනි ද මැල් මහතා මෙම ගොඩනැගිල්ල ඉදිකරන්නට පියවරගෙන තිබිනි දකුණේ ස්වර්ණාභරණ පුහුණු පාසල  වූයේ මෙම ගොඩනැගිල්ලයි.

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට අයත් මෙම ගොඩනැගිල්ල 2008 වසරේ ප‍්‍රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් ලක්ෂ 48ක් වැයකර තිබේ.

මැණික් කැපීමේ යන්ත‍්‍ර සේප්පු සහ අනෙකුත් උපකරණ රැසක් සමඟ ඇති මෙම ගොඩනැගිල්ල දිරාපත් වෙමින් විනාශ වෙමන් පවතී.

දකුණේ ස්වර්ණාභරණ පුහුණු පාසල වසාදමා වසර ගණනාවක් ගෙවී ඇති අතර මෙසේ විනාශයට පත්වෙමින් ඇත්තේ රුපියල් කෝටි ගණනක උපකරණ සහ ගොඩනැගිලිය. මෙම අධිකාරිය පරිසර අමාත්‍යාංශයට අයත් ආයතනයක් වන අතර විෂයභාර අමාත්‍යවරයා වන්නේ ජනාධිපති මෛත‍්‍රීපාල සිිරිසේන මහතාය.

12045292_923487474412669_2752469431728824416_o

12109856_923487467746003_192154298946651604_o

12186791_923487137746036_6331434292872210919_o (1) - Copy

12195110_923487417746008_4287603914110346615_o

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles