උදයංග වීරතුංගට ඉන්ටපොල් වරෙන්තු

0
437

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් ප්‍රහාරක යානා මිලට ගැනීමේ ගනුදෙනුවේ දී රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග සෘජුවම සම්බන්ධ යැයි මූල්‍ය අපරාධ විමර්ශන අංශය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කළ නඩුව අද කැඳැවිණි.

විදේශ අමාත්‍යාංශය මගින් යුක්රේනයේ ඔහු පදිංචි ව සිටින නිවසට  සිතාසි යැවීමට යැවුවද  නිවසේ ඔහු නැති බව යුක්රේන බලධාරින් සඳහන් කළ බව අධිකරණයට දැන්වීය.

ජාත්‍යන්තර පොලිසිය මගින්  ඔහු අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු නිකුත් කරන ලෙස මුල්‍ය අපරාධ විමර්ශන අංශය  අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද නියෝග කළේ ඔහුට වරෙන්තු නිකුත් කරනවාද නැද්ද යන්න තීන්දුව සැප්තැම්බර් 30 වැනි දා සළකා බැලීමට නියමිත බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here