Friday, May 17, 2024

සාමය හා සංහිඳියාව ස්ථාපිත කිරීමට හැකි වුණා

යුද්ධයෙන් පසුව මේ රටේ ව්‍යාප්ත වූ ජාතිවාදය හා ආගම්වාදය තුරන් කර සාමය හා සංහිඳියාව ස්ථාපිත කිරීමට යහපාලන ආණ්ඩුවට හැකිවූ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. මේ රට තුළ ස්ථාපිත කළ සාමය හා සංහිදියාව සුරක්ෂිතව ශක්තිමත් කිරීමට  තවත් අවුරුදු දෙක තුනක් ගතවනු ඇතැයිද ඒ සම්බන්ධයෙන් ගත යුතු සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවද අගමැතිවරයා සඳහන් කළේය.

ජාත්‍යන්තර සාම දිනයට සමගාමීව වයඹ පළාත් මාධ්‍යවේදීන් අතර පාර්පලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා පැවැති උත්සවයේදී මේ බව කී වික්‍රමසිංහ මහතා මර්දනයෙන් හා දූෂණයෙන් ඉදිරියෙන්ම සිටි අපේ රට යහපාලනය තුළින් සාමකාමි රටක් බවට පත්වී ඇති බවද පෙන්වා දුන්නේය.

රාජපක්ෂ රෙජීමයේ මර්දනකාරී අගාම්වාදී වැඩපිළිවෙළ නිසා අනෙකුත් ආගම් සේම බෞද්ධ ආගමට ද විශාල බලපෑමක් එල්ල වූ බවත් මල්වතු පාර්ශ්වය දෙකඩ කිරීමට තරම් රාජපක්ෂ රෙජීමයේ පිරිස් සැලසුම් කළ බවත් රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

යහපාලනයක් දිනා දීමට වෘත්තිය සමිති පුරවැසි සංවිධාන හා නිදහසේ කතා කිරීමට කැමැති මාධ්‍යවේදීන් එකට එක් වූ බවත් ඔවුන් පැතූ නිදහස සහ යහපාලනය ලබාදීම වෙනුවෙන් කටයුතු කරන බවත් අගමැතිවරයා කීය. එහිදී අදහස් දැක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, ලෝක සාම දිනය මිට පෙර 2013 වසරේ සමරන්න බැරි වුණා. යුද්දය අවසන් වුණට පස්සේ අපි හිතුවේ සාමාන්‍ය නිදහසක් ඇතිවේයැයි අපි විශ්වාස කළා. නමුත් යුද්ධය මුවාවෙන් රටේ තිබෙන නිදහස තවත් සීමා කරන්න පසුගිය වසරවල කටයුතු කළා. විශාල මර්දනකාරි පාලනයක් මේ රටේ ඇති වුණා. නිදහසේ කතා කරන මාධ්‍යවේදීන්ට බලපෑම් කළා. සමහර මාධ්‍යවේදීන් නිදහස ආරක්ෂා කරන්න කාරණය අමතක කළා. නිදහස් මාධ්‍ය ආරක්ෂා කිරිමට සමහරු කැපවීමෙන් කටයුතු කළා. ඒ සඳහා සිවිල් සංවිධාන එක්ව කටයුතු කළා.

අනෙකුත් වෘත්තිය සමිති නිශ්ශබ්ද කරවන්න උත්සාහ කළා. සේවක මහත්වරුන්ට වෙඩි තියන්න උත්සාහ කළා. මේ රටේ මර්දනය ක්‍රියාත්මක වුණේ ඒ විදිහටයි. රාජපක්ෂය රෙජිමය ඒකාධිපති පාලයනයක් ගෙන ගියා වගේම දූෂණයත් ගෙන ගියා. දූෂණය ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න අපි ආරම්භ කළා. රට වටේ ගිහින් දූෂණය ගැන අපි කතා කළා. ඒ පණිවුඩය රට වටේ යන ගමන් ජාතිවාදය අගාම්වාදය නතර කරන්න අප කටයුතු කළා. පසුගිය ආණ්වේ හිටපු ඇතැම් අය ජාතිවාදය වපුරවමින් සිටිනවා.

ත්‍රස්තවාදිය නැති තැන ත්‍රස්තවාදී බියක් ඇති කිරිමට උත්සාහ කරනවා. ත්‍රස්තවාදය මවා පෙන්වන ඔවුන් දැන් කොටි නායකයකු වන කේපී එක්ක ගනුදෙනු කරනවා. මේ රටේ විශේෂයෙන් යාපනයේ මධ්‍යවේදීන් විශාල ප්‍රමාණයක් මර්දනය කිරිමට රාජපක්ෂ රෙජිමය කටයුතු කළා. අනෙක් පැත්තෙන් ආගම් භේදය ආරම්භ කළා.

ආගම්වලට විරුද්ධව විශාල ව්‍යාපාරයක් ගෙන ගියා. මුස්ලිම් ජනතාව විරුද්ධව විශාල ව්‍යාපාරයක් ගෙන ගියා. රට බය කරන්න මර්දනය කරන්න ජාතිවාදය ඇති කරන්න මේ අය උත්සාහ කළා. අනෙකුත් ආගම් විතරක් නොවෙයි බෞද්ධ ආගමටත් මුහුණු දෙන්න වුණා. මල්වතු පාර්ශ්වය දෙකඩ බෙදන්න උත්සාහ කළා. ආණ්ඩුවේ ඇතුලේ ඉන්න පක්ෂත් වෘත්තිය සමිතිත් පුරවැසි සංවිධානත් එක්ක පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා පත් කර ගත්තා. අද නිදහස ලබා දී තිබෙනවා. අද කියනවා යහපාලනය නිසා නිදහස වැඩිවෙලා කියා සමහරු කියනවා. මෙයින් අපි සෑහිමකට පත්වෙන්නේ නැහැ. අපට තිබෙන්නේ සාමය හා සංහිඳියාවය ඇති කිරිමට තව අවුරුදු කිහිපයක් ඕන. ජාතික ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට විවිධ මත තිබෙනවා. නමුත් මේ රටේ සාමය සංහිදියාව ඇති කිරිමට සියලුදෙනා එකම මතයක සිටිය යුතුයි. ජාත්‍යන්තර සාමය දිනයේදී අපගේ මූලික අරමුණ ලංකාවේ සාමය හා සංහිඳියාව ඇති කිරිමටයි. මාධ්‍යවේදීන් මේ පිළිබඳ විශාල කාර්යක් තිබෙනවා. ඔබලාගේ කාර්ය භාරය ඉටු කරන්න. නිදහස් මාධ්‍යයක් ඔබට අවශ්‍යනම් ඒ සඳහා ඔබලාම කටයුතු කරන්න.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles