ජාත්‍යන්තර ළමා දින ජාතික උත්සවය අද කෑගල්ලේ

0
425

ජාත්‍යන්තර ළමා දින ජාතික උත්සවය අද (1) කාන්තා හා ළමා කටයුතු ඇමැතිනී චන්ද්‍රානි බණ්ඩාර මහත්මියගේ ප්‍රධානත්වයෙන් ප්‍රදේශයේ මැති ඇමැතිවරුන්ගේ සහභාගිත්වයෙන් කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

‘සොඳුරු ළමා ලොව රකින්න වැඩිහිටියනි දෑත දෙන්න’ ලෝක ළමා දින ජාතික උත්සවයේ මෙවර තේමාව වෙයි. ජාත්‍යන්තර ළමා දිනය වෙනුවෙන් නිකුත් කළ සමරු කොඩිය ඇමැතිනී චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය වෙත පැළඳවීම, පරිවාස දෙපාර්තමේන්තුව සඳහා වන දත්ත පද්ධතියක් එළි දැක්වීම,විශේෂ කුසලතා දැක්වූ දරුවන්ට ත්‍යාග හා සම්මාන පිරිනැමීම මෙම උත්සවයේදී සිදුකෙරේ.

පසුගිය ගංවතුර හා නායයාම්වලින් ආපදාවට ලක්වූ කෑගල්ල දිස්ත්‍රික්කයේ පෙර පාසල් සඳහා භාණ්ඩ ප්‍රදානය සංකේතවත් කරමින් තෝරාගත් පෙර පාසල් 5 කට භාණ්ඩ ලබා දීමද මෙම උත්සවයේදී සිදු කෙරෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here