ජනපතිගේ පණිවිඩය අගමැති ඉන්දීය ජනපතිට කියයි

0
360

ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා එක්වෙන ලෙසට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආරාධනා කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය ජනපති ප්‍රනාබ් මුකර්ජී මහතාට දැන්වීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය ජනාධිපති ප්‍රණාබ් මුකර්ජී මහතා අතර ඊයේ (05 දා) නවදිල්ලි නුවර රාශ්ටපති භවන්හි පැවැති ද්විපාර්ශ්වීය සාකච්ඡාවලදී අග්‍රාමාත්‍යවරයා මේ බව ඉන්දීය ජනපතිවරයාට දැනුම් දුන්නේය.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සමීප සම්බන්ධතාව තව තවත් තහවුරු කරමින් ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා සහභාගී වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අරාධනා කර ඇති බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැවැසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here