Saturday, May 4, 2024

සිරියාවට රුසියාවෙන් එස්. 300 මිසයිල පද්ධතියක්

සිරියාවේ වෙරළාශ්‍රිත ටාර්ටස් නගරයේ පිහිටි නාවික කඳවුරුවල ආරක්ෂාව වෙනුවෙන් රුසියානු එස්. 300 වර්ගයේ මිසයිල පද්ධතියක් ස්ථාපිත කිරීමට රුසියාව තීරණය කර තිබේ.

මෙම එස්. 300 මිසයිල පද්ධතිය මගින් ගුවන් යානා නාශක මිසයිල පද්ධතියක් ක්‍රියාත්මක අතර එය මේ වනවිට ලොව පවතින ප්‍රබලතම මිසයිල ආරක්ෂක පද්ධතිය බව සැලකේ.

සිරියානු අර්බුදය විසඳීම සම්බන්ධයෙන් මෙතෙක් රුසියාව සමග පැවැති සියලුම එකඟතාවයන් අවසන් කරන බව ඇමෙරිකාව ප්‍රකාශ කිරීමත් සමග මෙම මිසයිල ආරක්ෂක පද්ධතිය සිරියාව වෙත ලබා දීමට රුසියාව කටයුතු කිරීම විශේෂත්වයකි.

සිරියාවේ අයි.එස්. ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමේදී රුසියාව හා ඇමෙරිකාව එම ප්‍රහාරයන් සම්බන්ධයෙන් අවබෝධයක් ගොඩනගා ගෙන තිබිණි. කෙසේ‍ වෙතත් ඇමෙරිකාව අයි.එස්. ත්‍රස්තයින්ට ප්‍රහාර එල්ල කරනවා වෙනුවට බෂාර් අල් අසාද් පාලනයට පක්ෂපාතී කණ්ඩායම්වලට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් මේ වනවිට බරපතළ චෝදනා එල්ල වී ඇත

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles