මහා නගරය ඉදිකිරීමට සහන ණය

0
688

ආසියාවේ සිත් දිනාගත් පළාත ලෙස බස්නාහිර පළාත ගොඩනැඟීමේ මෙගා පොලිෂ් යෝධ සංවර්ධන ව්‍යාපෘතියේ මුල් අදියර ක්‍රියාත්මක කිරීමට අමෙරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 2000 ක ණය මුදල් ලබාදීමට විදේශ මූල්‍ය ආයතන තුනක් ඉදිරිපත් වී සිටිති.

මේ යටතේ මාලඹේ සිට කොළඹ කොටුව දක්වා කුලුනු මත සැහැල්ලු දුම්රිය පද්ධතියක් ඉදිකිරීමට ජපාන අන්තර්ජාතික සහයෝගීතාව පිළිබඳ ආයතනය (JICA) විසින් ඩොලර් මිලියන 1250 ක ණය මුදලක් ලබාදීමට කැමැත්ත පළකොට ඇත.

මේ මුදල යොදාගෙන මාලඹේ සිට කොළඹ කොටුව දක්වා දුර කිලෝමීටර් 25 කින් යුතු සැහැල්ලු දුම්රිය පද්ධතියක් ඉදිකරනු ඇත. මේ කටයුතු සිදුකිරීමත් සමඟ දැනට මාලබේ සිට කොටුවට පැමිණීමට ගතවන කාලය පැය 1 1/2, 02 කාලය විනාඩි 20 ක් තරම් අඩුවනු ඇත.

ඊට අමතරව පාණදුර සිට වේයන්ගොඩ දක්වා නව දුම්රිය මාර්ගයක් ඉදිකිරීමටත්, එහි විදුලි දුම්රිය ධාවනය කිරීමටත් හැකිවන සේ දුම්රිය නවීකරණය කිරීමට ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන 600 ක මුදලක් ලබාදීමට එකඟතාවය පළකොට ඇතැයි මෙගා පොලිෂ් ව්‍යාපෘතියේ ආයෝජන ප්‍රධානී නයන මාවිල්මඩ මහතා පවසයි.

කොළඹ කොටුව සිට ඩී. ආර්. විජේවර්ධන මාවත ආශ්‍රිත බේරේ වැව දෙපස භූමිය සංචාරක ආකර්ෂණීය කලාපයක් ලෙස වැඩිදියුණු කිරීමට ලෝක බැංකුව විසින් ඩොලර් මිලියන 12 ක මුළු මුදල ලබා දී ඇත.

මේ ණය මුදල් අතුරින් ජයිකා ආයතනය විසින් මෙරටට ලබාදෙන ණය මුදල ආපසු ගෙවීමේ කාලය අවුරුදු 40 කි. ණය මුදල ලබාගෙන අවුරුදු 10 ක් ගතවූ පසු වාරික හා පොලිය ගෙවීම ඇරඹීමට හැකිවන පහසුකම ද ලබා දී ඇත.

මේ ණය මුදලට අයකරන පොලිය වනුයේ සියයට 0.1 ක් තරම් ඉතාම අඩු පොලියක් වීම විශේෂ ලක්ෂණය බව ද ආයෝජන ප්‍රධානියා පැවැසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here