එට්කා ගිවිසුම ගැන බිල්ලෙක් මවලා

0
461

ඉන්දු ලංකා ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතා ගිවිසුම (එට්කා) මගින් රටේ වෘත්තිකයන්ට බලපෑමක් නොවන බවත්, දේශපාලන උවමනාවක් මත කටයුතු කරන සුළු පිරිසක් මේ පිළිබඳ බිල්ලෙකු මවාපා තිබෙන බවත් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

ඉන්දියාව සමග අත්සන් කිරීමට නියමිත එට්කා හෙවත් ඉන්දු ලංකා ගිවිසුම සකස් කිරීම අවසන් අදියරේ පවතින බවත්, මෙතෙක් කෙටුම්පතක් ලෙස කිසිවක් ප්‍රකාශයට පත් වී නොමැති බවද එම අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඊයේ (19දා) සඳහන් කළේය.

එහෙත් අවසන් කෙටුම්පතක් නොමැතිව ඇතැම් වෘත්තිකයන් ළිං මැඩි මානසිකත්වයක සිට නූපන් දරුවෙකුට උප්පැන්න සහතික ලබාදෙමින් සිටින බවද එම නිවේදනය මගින් පෙන්වා දී තිබේ.

ගිවිසුම සකස් කිරීමේදී මූලික කෙටුම්පත සකස්කර ඉන් අනතුරුව එය පාර්ලිමේන්තුවට සහ අනෙකුත් පාර්ශ්වයන්ට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අඩුපාඩු සකස්කර ගිවිසුම අත්සන්කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here