Thursday, November 14, 2024

යාපනයේ මඟී ප්‍රවාහනයට රුපියල් මිලියන 50 ක්

යාපනය අර්ධද්වීපය, ආශ්‍රිත මඟී ප්‍රවාහනය විධිමත් කිරීමට රජය මේ වසරේ දී රුපියල් මිලියන 50 ක් වැය කිරීමට සූදානම් වෙයි. මෙම ප්‍රතිපාදන යටතේ ඉදිරියේදී යාපන අර්ධද්වීපය ආශ්‍රිත දූපත්වල ජැටි නවීකරණය හා ගොඩනැගිලි ඉදිකිරීමට සූදානම් වෙයි. මේ කටයුතු නාවුක හමුදාවේ සහය ඇතිව වරාය හා නාවුක අමාත්‍යාංශයේ සහය ඇතිව ඉදිරියේදී සිදු කිරීමට නියමිත ය. යාපන අර්ධද්වීපයේ ජනාවාසවලින් මේ වනවිට ජනාවාස වී ඇත්තේ දූපත් හතක් පමණි. එයින් ඇතැම් දූපත් සඳහා ක‍ෘත්‍රිම ගොඩබිම් මාර්ග විවෘතව පැවතිය ද ඇතැම් ද‍ූපත් වලින් ගොඩබිමට ප්‍රවේශ විය හැක්කේ මුහුදු මාර්ගවලින් පමණ ය. නමුත් මේ යාත්‍රා හා ජැටි වල පවතින තාක්ෂණික ගැටලු හේතුවෙන් මෙම ජනතාවගේ මුහුදු ගමන් මාර්ග අනාරක්ෂිතව ඇත. මේ නිසා මෙම ප්‍රතිපාදන යොදාගෙන පළමුවෙන් මෙම කටයුතු ඉතා ඉක්මණින් විධිමත් කර ගැනීමට අපේක්ෂිත ය. මේ සඳහා වූ කැබිනට් පත්‍රිකාවක් ද අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇත

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles