හෙටින් පසු දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක්

0
362

වයිනේ වැසි තත්ත්වය හෙටින් (ඔක්.29දා) පසුව වැඩි‍වේ යැයි අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසු  වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති ‍වේ.

බස්නාහිර පළාතෙත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදැසන කාලයේ දී වැසි ඇති ‍වේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල සමහර ප්‍රදේශවලට උදේ කාලයේදී මිහිදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකිය.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර, අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය  පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here