Sunday, May 19, 2024

මහ ඇමති නොකියම රට ගිහින්-වැඩ බලන ඇමතිත් දිව්රුම් දී නැහැ

උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේශ්වරම් මහතා ආණ්ඩුකාරවරයාගේ අවසරයකින් තොරව  විදේශගතව ඇති බවත් වැඩ බලන ඇමතිවරයා ලෙස  අධ්‍යාපන අමාත්‍ය ටී කුරුකුලරාජා පත්තර ඇති බවත්   ආණ්ඩුකාර කාර්යාල ආරංචි මාර්ග කියයි

උතුරු මහ ඇමති පසුගිය 14 වනදා විදෙස්ගත වී ඇත්තේ 29 වනදා තෙක් වන අතර එසේ විදෙස්ගත වන අවස්ථාවේදී ප්‍රධාන අමාත්‍යවරයා විසින් වැඩබලන මහ ඇමතිවරයෙක් පත් නොකිරීම නිසාවෙන් 15 වනදා උතුරු පලාත්සභාවේ සභාපති සී.වී.කේ සිවඥානම් විසින් අධ්‍යාපන අමාත්‍ය ටී.කුරුකුලරාජා පත් කලද 15 වන දා සිට  එසේ පත් වූ ටී.කුරුකුලරාජා මේ වන තුරු උතුරු ආණ්ඩුකාරවරයා ඉදිරියේදී උතුරු පලාත් වැඩබලන මහඇමති වරයා වශයෙන් දිවුරුම් දී හෝ දිවුරුම් වාර්ථාවක් භාර දී නොමැත බවද වාර්තා වෙයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 වන වගන්තියට අනුව උතුරු මහඇමති වරයා විදෙස් ගත වන්නේ නම් පලාත් ආණ්ඩුකා වරයාට දැනුම් දී වැඩබලන මහඇමති වරයෙක් පත් කොට වැඩබලන මහඇමති වරයා ආණ්ඩුකාවරයා ඉදිරියේදී දිවුරුම් දීමෙන් පසුව ආණ්ඩුකාර වරයා විසින් ගැසට් පත්ත්‍රයක් නිකුත් කල යුතු නමුත් එවැනි ගැසට් පත්‍රයක් නිකුත්කොව නොමැති බවද වාර්ථා වෙයි

මහ ඇමති විග්නේශ්වරම් අද හෙට කැවත පැමිනීමට නියමිතය

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles