Sunday, May 19, 2024

විමල්ගේ නිවසේ මියගිය තරුණයාගේ මරණය ගැන සැකයක්

ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ නිවසේ සිටියදී මරණයට පත්වූ තරුණයා සම්බන්ධයෙන් ෆේස්බුක් සමාජ ජාලය තුළ විවිධ මත පළවී තිබේ.

මේ තරුණයා විමල් වීරවංශ මහතාගේ පුතු විභූදි වීරවංශගේ මිතුරෙකු බව කියවෙන අතර ඔහුගේ වයස 24ක් බවද පැවසේ.

ළහිරු දිසානයක නැමැති මෙම තරුණයා පෙරේදා (26) මන්ත්‍රීවරයාගේ නිවසේ මියගොස් සිටියදී සොයාගෙන තිබිණි.

මියගිය ළහිරු හා විමල්ගේ පුතු විභූති කලක පටන් මිතුරන් වන බවත් බොහෝ දිනවලදී ළහිරු මෙම නිවසට පැමිණ නවාතැන් ගන්නා බවද පැවසේ.

කෙසේවුවද, මිය ගිය තරුණයාගේ මරණය ප්‍රේම සම්බන්ධතාවයක් මුල්කර ගෙන සිදුවී ඇති බවට සැකයක්ද මේවන විට මතුව ඇත.

තරුණයාගේ මරණය සැක සහිතවීම නිසා හෙට (29) වෛද්‍ය පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත බවද පැවසේ.

මේ අතර, මියගිය තරුණයාගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ මිතුරෙකු සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ පලකළ අදහසක් හේතුවෙන් තවත් සැක මතුව තිබේ.

මේ තරුණයාගේ මරණය සම්බන්ධයෙන් මුලින්ම අනාවරණය කරනු ලැබුවේ ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවියයි.

මියගිය ළහිරුගේ මිතුරා දැමු ෆේස්බුක් සටහන හා තවත් සටහන් කිහිපයක් පහතින් දැක්වේ.

Lahiru1 600px 16 10 28

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles