Saturday, September 21, 2024

ප්‍රධාන පෙලේ අපරාධ පරීක්ෂණ සියල්ලම නවතා දමයි [Exclusive]

ඉකුත් ආණ්ඩු සමයේදී සිදුකරන ලද සාපරාධී මිනිස් ඝාතන සම්බන්ධ සියලුම පරීක්ෂණ අවසන් අදියරේදී නවතා දැමීමට සිදුව තිබේ. එයට හේතුවී ඇත්තේ ඉකුත් ආණඩුවේ මෙන්ම වත්මන් ආණ්ඩුවේද ප්‍රබලයින් එම ඝාතන වලට සෘජුවම සම්බන්ධව සිටීමයි.

දෙවනි කරුණ වන්නේ යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් ඇතුළු ආරක්ෂක අංශවල සාමාජිකයන් එම ඝාතනවල සාක්ෂිකරුවන්ව සිටීමයි.

ප්‍රගීත් එක්නැළිගොඩ, ලසන්ත වික්‍රමතුංග, නඩරාජා රවිරාජ් යන අයගේ ඝාතන සම්බන්ධ පොලිස් අපරාධ අංශය විසින් වැදගත් සාක්ෂි රැසක් මේ වනවිටත් අනාවරණය කරගෙන ඇති අතර විශේෂයෙන් ප්‍රගීත් එක්නැළිගොඩ ඝාතනය සම්බන්ධව සියලු පරීක්ෂණ අවසන් කර ඇත.

එම අතුරුදහන් කිිරීම සම්බන්ධයෙන් අවසන් වශයෙන් ප්‍රශ්න කල යුතුව තිබුණේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් සහ හිටපු විදුලිබල සහ බලශක්ති අමාත්‍ය පාඨලී ච්මිපික රණවක මහතාගෙන්ය.

රවිරාජ් ඝාතනය අස්සේ ප්‍රගීත්ගේ සාක්ෂි

ප්‍රගීත් එක්නැළිගොඩගේ ඝාතනය සම්බන්ධ තොරතුරු අපරාධ පරීක්ෂණ අංශ විසින් අනාවරණය කරගත්තේ රවිරාජ් ඝාතනය සම්බන්ධව සාක්ෂි විමසා බලනා අතරතුරදීය. එම ඝාතනය මෙන්ම, ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ අදාල පොලිස් විමර්ශණ කණ්ඩායම් විසින් සිදුකරන ලදි. එහිදී යුද හමුදා බුද්ධි අංශ බලකායේ සාමාජිකයන්  එම ඝාතන වලට සම්බන්ධ බවට පොලීසිය සොයාගෙන ඇත.

එහෙත් දැනටමත් සේවයේ යෙදී සිටින එම සාමාජිකයන්ගෙන් ප්‍රශ්න කිරීම සඳහා පොලීසිය අවසර ඉල්ලා ඇති අතර යුද හමුදා බුද්ධි බලකාය ඊට කිසිඳු සහයක් මේ දක්වා ලබාදී නොමැත.


පරීක්ෂණ යට ගසයි

මේ අනුව ඉකුත් ආණ්ඩු සමයේ සිදුකරන ලද සාපාරාධී අපරාධ සියල්ල සම්බන්ධව පරීක්ෂණ නවතා දැමීමට සිදුව තිබේ. මෙම ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යංශයක ඉහල ධූරයක් දරන්නෙක් පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම් වලට කියා ඇත්ත් පුළුල් පරීක්ෂණ කරන බව පෙන්වා අවසන් අදියරේදී පරීක්ෂණ නතර කර දමනා ලෙසය.

මේ අනුව පරීක්ෂණ සිදුකලත් අපරාධ කරුවන්ට දඬුවම් කිරීමක් ස්ථීරවම සිදු නොවනු ඇත.

දයා නෙත්තසිංහ

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles