Saturday, May 18, 2024

මාරපන ගෙදර යා යුතුයි

උසස් තාක්ෂණ ගණකාධිකරණ ඩිප්ලෝමාව හදාරන සිසුන්ගේ උද්ඝෝෂණයට අමානුෂික පොලිස් ප්‍රහාර දීමේ වගකීම අමාත්‍ය තිලක් මාරපන බාරගෙන ඔහු එම තනතුරින් ඉල්ලා අස්විය යුතුබව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසා ඇත.

“නිතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා ලෙස ඔහු මේ සඳහා වගකීම බාරගත යුතුයි. පොලීසිය තනියම හිතලා බැටන් පොලු පහරවල් දෙන්න යන්නේ නෑ.පොලීසිය රජයේ කොටසක් නිසා රජයට ඒ වගකීමෙන් ගැලවෙන්න බෑ. තිලක් මාරපන අමාත්‍යවරයාට තමන්ගේ යටතේ පාලනය වන ආයතනයක් හරියට පාලනය කරන්න බැරිනම් තනතුරෙන් ඉවත්විය යුතුයි“

අනුර කුමාර දිසානායක මහතා දැඩි ලෙස සිසුන්ට එරෙහි පහරදීම විවේචනය කලා.

පොලීසියට සිසුන්ගේ හිසට පහර දීම බොහොම බරපතල කාරණයක්. කොච්චර නෑ කිව්වත් ඡායාරූප සහ වීඩියෝ පටවල පැහැදිලිවම පේන්න තියනවා දරුවන්ගේ ඔළුවලට තමයි පොලු පහර දෙන්නේ කියලා. ශිෂ්‍යයන් මෙහෙම විරෝධය දැක්වූයේ අදාල උසස් අධ්‍යාපන ඇමතිවරයා ඔවුන්ට හමුවෙන්නට අවස්ථාව නොදීපු නිසයි.

කෙසේ වෙතත් මෙම පහරදීමට මේ වනවිටත් සිසුන්ට සාධාරණයක් වන මට්ටමේ පරීක්ෂණයක් ආරම්භකර නැත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles