Tuesday, May 14, 2024

මහින්ද රන් ටොන් 40ක් හොරෙන් විකුණලා!

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල්ගේ අනුමැතිය සහිතව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ අනුදැනුම ඇතිව සැකකටයුතු අතරමැදියන් කණ්ඩායමක් හරහා රන් මෙටි‍්‍රක් ටොන් 40ක් ශ‍්‍රී ලංකාවේ තිබෙන ජපන් සමාගමක් වන සීමාසහිත Japuda Holdings සමාගම හරහා ජපානයේ සීමාසහිත SUISSE SECURITIES සමාගමට විකුණා ඇති බවට පිළිගත හැකි සාක්ෂි ලැබී තිබේ.

 

රන් කිලෝවක් විකුණා ඇත්තේ ඇමරිකානු ඩොලර් 46,000කටය.

 

අතරමැදියන්ට ගෙවා තිබෙන කොමිස් මුදල රන් කිලෝවක් සඳහා ඇමරිකන් ඩොලර් 2,000කි.

 

මෙම සමස්ත ගනුදෙනුවම සිදුවී තිබෙන්නේ ඉතා අවිධිමත් හා සැකකටයුතු ආකාරයටය. මේ කේපීගෙන් හෝ එල්ටීටීඊයෙන් ලබාගත් රන් විය හැකිය.

 

මෙම ගනුදෙනුවේදී ජපන් සමාගමේ අතරමැදියා ලෙස ක‍්‍රියාකර ඇත්තේ වැල්ලවත්තේ ගයා පාරේ අංක 14 5/2 යන ලිිපිනයේ පදිංචි රාජගෝපාල් කාර්තීපන් (හැ.ප. අංක 833433342V) ය.

 

 එහිදී මහ බැංකුවේ අතරමැදියා ලෙස ක‍්‍රියා කොට ඇත්තේ වත්තල, හැඳල, පල්ලිය වත්ත පාරේ, අංක 77 දරන ස්ථානයේ පදිංචි සුප්පයියා සෝමසේකරන් (හැ.ප. අංක 572573389V) ය.

 

ඔහු මෙම ගනුදෙනුවේදී අතරමැදියා වශයෙන් තමන්ට ලැබෙන කොමිස් මුදල සම කොටස් ලෙස බෙදා ගැනීම සඳහා තවත් පුද්ගලයන් 8 දෙනකු සමග ගිවිසුමක් ඇති කරගෙන තිබේ.

 

ගිවිසුම සකස් කර ඇත්තේ සම්පත් චමින්ද ගමගේ නමැති නීතිඥයාය. ගිවිසුම අනුව එක පුද්ගලයකුට ලැබිය යුතු කොටස් කොමිස් මුදල රුපියල් මිලියන 750කි. ඔවුන් 8 දෙනාගේ නම් හා බැංකු ගිණුම් අංක මෙසේය.

 

1. ඩබ්ලිව්.කේ.ඊ.ජේ.ඒ. සෝවිස්, සෙලාන් බැංකුව, මහරගම. ගි. අංකය 004031479826078. 2. එන්.වයි.සී.එස්. කුමාර, කොමර්ෂල් බැංකුව, හලාවත, ගි. අංකය 8430002649. 3. කේ. ජෙයරානි, මහජන බැංකුව, මූලස්ථාන ශාඛාව, ගි. අංකය 204-2-001-4-0004005. 4. එච්.එම්.ජී.එස්.කේ. සෙනෙවිරත්න, හැටන් නැෂනල් බැංකුව, ගල්කිස්ස ශාඛාව, ගි. අංකය 061020042575. 5. අයි.පී.යූ. කරුණාරත්න, ලංකා බැංකුව, සීදුව ශාඛාව, ගි. අංකය 72013332. 6. කේ.එම්.අයි. සමරසිංහ, සම්පත් බැංකුව, මහරගම ශාඛාව, ගි. අංක 1013-5020-8535. 7. වයි.එන්. ඉලංගකෝන්, කොමර්ෂල් බැංකුව, ගම්පහ ශාඛාව, ගි. අංකය 8440039577. 8. එස්. සිරිදරන්, කොමර්ෂල් බැංකුව, ගි. අංකය 8800015721.

 

 

මහින්ද රාජපක්ෂගේ පාලන කාලය තුල මෙවැනි හෙළි නොවුන ගණුදෙනු සහ වංචා ඉතා විශාල ප්‍රමාණයක් සිදුව ඇති බවට දැනටමත් සාක්ෂි තිබේ. රටේ භාණ්ඩාගාරය සතුවිය යුතු, මහජනතාව සතුවිය යුතු බොහෝ දේ පුද්ගලික ලාභ වෙනුවෙන් රාජපක්ෂලා සහ ඔවුන්ගේ හිතවත් නඩය විසින් ගිලගෙන ඇතිබව පෙනෙන්නට ඇත. 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles