Saturday, September 21, 2024

වසන්ත සොයිසා ඝාතනයේ ප්‍රධාන සැකකරු SF ලොකූ කොටුවුණ හැටි

වසන්ත සොයිසා ඝාතනය සිදුවී පැය විසිහතරක් ඇතුලත පොලිස් පරීක්ෂණ ආරම්භ වුනත් පොලීසිය විවිධ පාර්ශව වලින් නොමග යවන කරුණු අනුව හඹා ගොසින් විවිධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලදි. එහෙත් සොයිසා ඝාතනයේ ප්‍රධාන සැකකරු ඒ කව්රුවත් නොව එස්.එෆ් ලොකූ නැතිනම් ඉරෝන් රණසිංහ බව CIA විසින් මුලින්ම අනාවරණය කරන ලදි.

එමෙන්ම ඉරෝන් රණසිංහ සොයිසා ඝාතනයට සෘජු සම්බන්ධයක් ඇතැයි සැකකරන්නට ප්‍රධානතම හේතුව වූයේත් ඔහු විසින් තමන්ගේ ෆේස්බුක් ගිණුමේ ඡායාරූපයක් සමග පලකර තිබූ ප්‍රකාශයක්මය. අනුරාධපුරයේ පාතාලය Update කරන බවට ඔහු විසින් දමා තිබූ Facebook Status එක ඔහුටම පාරාවලල්ලක් විය.

එසේම භයානකම කාරණය වූයේ එස්.එෆ්.ලොකූට දේශපාලන රැකවරණ ලැබෙන්නේ හිටපු අමාත්‍ය තිස්ස කරලියද්දගෙන් බව අපි අනාවරණය කිරීමයි. එයටද හේතුවූයේ එස්.එෆ්.ලොකූගේ ෆේස්බුක් ගිනුමේ ඡායාරූපයක් සහ ඔහුගේ මිතුරන්ගෙන් ලැබුණු ප්‍රකාශයන්ය. තිස්ස කරලියද්ද සමග ඉතා සමීපව සිටින ඡායාරූපය සමග සඳහන් වූයේ සොයිසා මරාදමන්නට පෙර දින කරලියද්ද මන්ත්‍රීවරයාගේ නිවසේ ලොකූ සහ පිරිසක් පුද්ගලික සහ රහසිගත සාකච්ඡාවක නිරතවී ඇති බවයි. එයින් ලොකූ පිළිබඳ සැකය තවත් වර්ධනය විය.

එසේ තිබියදී පොලිස් පරීක්ෂණ ඔහු පසුපස යද්දී සැකකරුවන් බුරුතු පිටින් හසුවෙද්දී දේශපාලන රැකවරණ මැද එස්.එෆ්.ලොකූ සැඟව සිටියහ. ලොකූ මෙන්ම මේ ඝාතනයට හවුල්යැයි සැකකල ඔහුගේ සොහොයුරු අසිත රණසිංහ තංගල්ලේදී අත්අඩංගුවට ගැනීමත් සමග ලොකූ ආ ගිය තැන් පිළිබඳ හෙලිවන්නට විය. ඒ අනුව එස්.එෆ් ලොකූ හලාවතදී පොලීසියට අසුවුණේ සොයිසා ඝාතනයේ උණුසුම මැකීයන්නටද පෙරය.

මේ වනවිට අධිකරණය ඉරෝන් රණසිංහ රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා පොලීසියට අවසර ලබා දී ඇත. සොයිසා ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට 27 දෙනෙක් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles