මෙල්බර්න් බැංකුවට ගිනි තැබූ පුද්ගලයා හඳුනා ගැනේ

0
786

ඔස්ට්‍රේලියාවේ, මෙල්බර්න් නුවර කොමන්වෙල්ත් බැංකු ශාඛාවකට ගිනි තබමින් මහා විනාශයක් කළ පුද්ගලයා මියන්මාරයෙන් පැමිණි සංක්‍රමණික මුස්ලිම් තරුණයෙකු බව හඳුනාගෙන තිබේ.

21 වැනි වියෙහි පසුවන නූර් යනුවෙන් හඳුනාගෙන ඇති මොහු, පෙට්‍රල් ඉස තමන්ටද ගිනි තබාගනිමින්, බැංකුවටද ගිනි තැබීම නිසා පුද්ගලයන් 26 දෙනෙකු තුවාල ලැබූ අතර, ඉන් කිහිප දෙනෙකු දරුණු පිළිස්සුම් තුවාල සහිතව දැඩි සත්කාර එක්කවල ප්‍රතිකාර ලබති.

මීට වසර තුනකට පෙර බෝට්ටු මගින් ඔස්ට්‍රේලියාවට පැමිණ ඇති මොහු රොහින්ගියා සම්භවයක්ද සහිත මුස්ලිම් තරුණයෙකු ලෙස හඳුනාගෙන ඇති අතර, ඔහු මේ වනවිට පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබන බව වාර්තා වෙයි.

ඔහු වෙනුවෙන් ඔස්ට්‍රේලියානු රජයෙන් ගෙවනු ලබන මුදල් සිය බැංකු ගිණුමේ නොතිබීම හේතුවෙන් කෝපයට පත්ව ඔහු මෙම ගිනි තැබීම සිදුකර ඇති බවටද පොලීසිය විශ්වාස කරයි.

ඔහු මියන්මාරයේ සුළු ජාතිකයෙකු ලෙස සරණාගත භාවය ඉල්ලමින් ඔස්ට්‍රේලියාවට ඇතුළු වුවත්, ඔහුට මෙතෙක් සරණාගත වීසා මෙතෙක් ලැබී නොතිබුණු බවද පැවසෙයි.

ක්‍රිස්මස් දූපතේ සරණාගත කඳවුරක මුලින් දිවිගෙවා ඇති ඔහු පසුව මෙල්බර්න් වෙත යොමුකොට තිබුණු බවද පොලීසිය තහවුරු කරගෙන තිබුණි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here