Tuesday, April 30, 2024

මැලේසියානු අගමැතිට එරෙහිව වීදි බසී

මැලේසියානු අගමැති නජීබ් රසාක්ට ඉල්ලා අස්වන ලෙස බලකරමින් දහස් ගණනක් ජනතාව අගනුවර වන ක්වාලාලම්පූර්හි දී වීදි බැස විරෝධතා පැවැත්වූ බව විදෙස් වාර්තා පවසයි.

අගමැතිවරයා සම්බන්ධ බවට කියැවෙන මුල්‍ය වංචා සහ දුෂණ මුල්කර ගනිමින් විරෝධතා ආරම්භ වී ඇති අතර තමා කිසිදු වරදක් සිදුකර නැති බවයි අගමැති රසාක් පවසන්නේ.

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාධරයන් පොලිස් මර්ගබාධක නොතකා ගමන්ගත් අතර විරුද්ධපක්ෂ දේශපාලන නායකයන් ගණනාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

බෙරගසමින්, ගායනා කරමින් සහ උද්ඝෝෂණ පාඨ කියමින් විරෝධතාකරුවෝ නගර මධ්‍යය වෙත ගමන්කළහ.

ජනරැළිය නීතිවිරෝධී බව පොලීසිය නිවේදනය කළ අතර රජයේ මාධ්‍ය ප්‍රකාශ කළේ හත්දහසකට වැඩි පොලිස් භට කණ්ඩායම් විරෝධතාවය පැවැත්වෙන ප්‍රදේශයට යවා තිබුණු බවය.

මානව හිමිකම් සම්බන්ධ කණ්ඩායම් පවසන්නේ ඔහුට එරෙහි දෝෂාරෝපණ එල්ල කරන්නන් බියගැන්වීමට අගමැතිවරයා කටයුතු කරන බවය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles