බොරු කියූ ජ්‍යේතිර්වේදියා සී.අයි.ඩී දැලේ

0
435

මහජනයා නොමග යවනසුළු වැරදි අනාවැකි පළ කළ  ජ්‍යේතිර්වේදියෙකු යයි කියන විජිත් රෝහණ විජේමුනි නමැති පුද්ගලයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

අන්තර්ජාලය හා සමාජජාල වෙබ් අඩවි භාවිතා කරමින් අවස්ථා කිහිපයකදීම මහජනයා නොමග යවනසුළු ප්‍රකාශ සිදුකළ මොහු පසුගිය කාලයේ ජනාධිපතිවරයා සම්බන්ධයෙන්ද එවැනි ප්‍රකාශ සිදුකර තිබුණි.


 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here