නීතීඥවරියකට පිහියක් පෙන්වා මරණ තර්ජනය කරලා! රාජ්‍ය ඇමතිවරයෙක් හා ලෑන්ඩ් සේල් හිමිකරු ගැන සැකයක්

0
563

ඉඩම් කොටස්කර විකුණන පුද්ගලික සමාගමක නීතීඥවරියකට නුගේගොඩ ජම්බුගස්මුල් පාරේදී අද (07) උදෑසන, යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් පිහියක් පෙන්වා මරණ තර්ජනකර පලා ගොස් තිබෙනවා. අදාල නීතිඥවරිය අසල නිවසකට ගොස් දිවි බේරාගෙන තිබෙනවා.නීතිඥවරිය මෙසේ කොට්ටාව වෙත පැමිණෙන බව දන්නේ අදාළ සමාගමේ අයිතිකරු සහ සමාගමේ ගණකාධිකාරිවරයා පමණක් බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

අදාල නීතිඥවරිය සමාගමේ ප්‍ර‍ධානියකුගෙන් ලද පිණිවුඩයක් මත අද උදෑසන ජම්බුගස්මුල්ල මාවතේ පදිංචි නිවසින් කොට්ටාව බලා යාමට පිටත්ව තිබෙනවා. යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනකුගෙන් එක් අයකු පිහියක් පෙන්වා මරණ තර්ජනය කර තිබෙන්නේ ඒ අවස්ථාවේදීය.

අදාල නීතීඥවරිය සිද්ධිය ම්බන්ධයෙන් මිරිහාන පොලිසියේ පැමිණිල්ලක් සටහන් කර තිබෙනවා. ඒ පිහියක් පෙන්වා මරණ තර්ජනය කිරීම සම්බන්ධයෙන්. එම සිදුවීමට සමාගමේ කිසියම් සම්බන්ධයක් ඇති බවයි එමගින් ඇය පවසන්නේ.

අද ඇමතුම ලාබාදුන් පුද්ගලයා ඊයේ දිනයේද හවස සමාගමට පැමිණෙන ලෙස ඇයට දන්වා ඇති අතර, අතරමගදී ආපසු හරවා යවා තිබෙනවා.

ඇමතිවරියකගේ ඥාතිවරියකට අයත් ඉඩමක් සම්බන්ධයෙන් කළ නීතිමය කටයුත්තක් මේ සිදුවීමට සම්බන්ධතාවයක් ඇති බවයි පොලිස් ආරංච් මාර්ග  පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here