සයිටම් අනුමත වුණ හැටි සොයන්න කෝප් කමිටුවට

0
383

මාළබේ ‘සයිටම්’ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට අනුමැතිය හිමිවී ඇත්තේ නිවැරදි ආකාරයට ද යන්න කෝප් කමිටුව ඔස්සේ සොයා බලන බව එම කමිටුවේ සාමාජික, ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.

මෙම ආයතනයට විශ්ව විද්‍යාලයක් ලෙස අනුමැතිය දීම සඳහා මාස 6 ක් ඇතුළත සම්පූර්ණ කළ කරුණු කිහිපයක් විශ්ව විද්‍යාල කොමිසම මගින් 2011 වසරේ දැනුම් තිබියදී උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා එම කොමිෂන් සභාවේ බලතල ගැසට් පත‍්‍රයක් මගින් පවරාගෙන අදාළ අනුමැතිය ලබාදී ඇතැයි හෙළි වූ බව ද ඇමතිවරයා පවසයි.

විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ මේ ගැන තීන්දු තීරණ ගැනීම සදහා ප‍්‍රමාණවත් දැනුම ඇති ආචාර්ය මහාචාර්යවරුන් සිටියත්,  තීන්දු ගැනීමේ බලය ලබාගත් උසස් අධ්‍යාපන ලේකම්වරයාට ඒ සඳහා ප‍්‍රමාණවත් දැනුමක් නැති බැවින් කමිටුවක් හෝ පත්කර අදාළ ක‍්‍රියාමාර්ග ගත යුතුව තිබූ බව ද ඇමතිවරයා කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here