දිනේෂ්ගේ තැන ඩලස්ට දෙන්න බැහැ – කතානායක

0
760

ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් නායක ලෙස කටයුතු කළ දිනේෂ් ගුණවර්ධන වෙනුවට එහි කණ්ඩායම් නායක ලෙස ඩලස් අලහප්පෙරුම පිළිගන්නා ලෙසට ඒකාබද්ධ විපක්ෂය විසින් කළ ඉල්ලීම කතානායක කරු ජයසූරිය විසින් අද ප්‍රතික්ෂේප කර තිබේ.

ඒකාබද්ධ විපක්ෂය අද පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේ දිනේෂ් ගුණවර්ධනට සතියක කාලයක් පාර්ලිමේන්තුව තහනම් කර ඇති හෙයින් එහි කණ්ඩායම් නායක ලෙස ඩලස් අලහප්පේරම පිළිගන්නා ලෙසටයි.

කෙසේ වෙතත් කතානායකවරයා එයට ඉඩ නොදීම හේතුවෙන් පාර්ලිමේන්තුව තුළ උණුසුම් තත්ත්වයක්ද ඇති විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here