Friday, May 3, 2024

සයිටම් විරෝධයට ගිය ඒකාබද්ධයේ නිරුවත

බලයෙන් පහ වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද සයිටම් විරෝධී අරගලයේ පෙර ගමන් කරුවකු වුවද පසුගිය ජනාධිපතිවරණයේදී සයිටම් ප්‍රධානීන් සමඟ කටයුතු කළ ආකාරය සාක්ෂි සහිතව අප සතුව ඇත.

2015 අවසන් ජනාධිපතිවරණයට දින කිහිපයකට පෙර කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැති වෛද්‍යවරු හමුවේ බරපැන සයිටම් අධිපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ගෙවා ඇති බවට වාර්තා සනාථ කරයි. ජනාධිපතිවරණය සඳහා ද නෙවිල් ප්‍රනාන්දු මූල්‍යම ආධාර සිදු කර තිබූ බැවින් වෛද්‍ය හමුවේ බර පැණ ගෙවීමට ඔහු මැලි වී තිබෙන බවට වාර්තාවල සඳහන්ය.

නෙවිල් ප්‍රනාන්දු එසේ නොකළ හොත් තමන්  ආරම්භ කිරීමට අවසරය දුන් සයිටම් ආයතනය වසා දමන බවට මහින්ද රාජපක්ෂ වක්‍රාකාරව දැනුම්දී ඇත. ඒ අනුව අකමැත්තෙන් එම වෛද්‍ය හමුවේ බර පැණ නෙවිල් ප්‍රනාන්දු ගෙවා ඇති බවට අප සතුව පැහැදිලි සාක්ෂි සතු වුවද එය මේ අවස්ථාවේදී හෙළි නොකරන්නේ බරපතළ වංචා පිළිබඳව විශේෂ ජනාධිපති කොමිසම හමුවේ මෙම ප්‍රශ්නය ඇති බැවිනි.

ඒකාබද්ධ විපක්ෂයේ රැස්වීම් සඳහා නෙවිල් ප්‍රනාන්දුගෙන් අවස්ථා කිහිපයකදී මුදල් ඉල්ලා සිටියත් එය නොදුන් නිසා සයිටම් විරෝධී අරගලයක් මේ නඩය ආරම්භ කළේ තිරස්චීන ලෙසය.

අද සයිටම් විරෝධී අරගලයට මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඒකාබද්ධ නඩය කරළියට බැස තිබෙන්නේ රෙදි ඇද ගෙන දැයි බුද්ධිමත් ජනතාව ප්‍රශ්න කළ යුතුව ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles