2015 අවසන් ජනාධිපතිවරණයට දින කිහිපයකට පෙර කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැති වෛද්‍යවරු හමුවේ බරපැන සයිටම් අධිපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ගෙවා ඇති බවට වාර්තා සනාථ කරයි. ජනාධිපතිවරණය සඳහා ද නෙවිල් ප්‍රනාන්දු මූල්‍යම ආධාර සිදු කර තිබූ බැවින් වෛද්‍ය හමුවේ බර පැණ ගෙවීමට ඔහු මැලි වී තිබෙන බවට වාර්තාවල සඳහන්ය.
නෙවිල් ප්‍රනාන්දු එසේ නොකළ හොත් තමන් ආරම්භ කිරීමට අවසරය දුන් සයිටම් ආයතනය වසා දමන බවට මහින්ද රාජපක්ෂ වක්‍රාකාරව දැනුම්දී ඇත. ඒ අනුව අකමැත්තෙන් එම වෛද්‍ය හමුවේ බර පැණ නෙවිල් ප්‍රනාන්දු ගෙවා ඇති බවට අප සතුව පැහැදිලි සාක්ෂි සතු වුවද එය මේ අවස්ථාවේදී හෙළි නොකරන්නේ බරපතළ වංචා පිළිබඳව විශේෂ ජනාධිපති කොමිසම හමුවේ මෙම ප්රශ්නය ඇති බැවිනි.
අද සයිටම් විරෝධී අරගලයට මහින්ද රාජපක්ෂ ප්රමුඛ ඒකාබද්ධ නඩය කරළියට බැස තිබෙන්නේ රෙදි ඇද ගෙන දැයි බුද්ධිමත් ජනතාව ප්‍රශ්න කළ යුතුව ඇත.