දළදා මැඳුර ඉදිරිපිට මාර්ගය අරින්න දෙන්නේ නෑ – ඇමැති ලක්‍ෂ්මන් කිරිඇල්ල

0
375

යහපාලන ආණ්‌ඩුව පවතින තෙක්‌ මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට මාර්ගය විවෘත කිරීමට ඉඩ නොදෙන බව මහාමාර්ග හා උසස්‌ අධ්‍යාපන ඇමැති ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මහනුවර ප්‍රදේශයේ පසුගිය 25 දා පැවැති උත්සවයකට සහභාගි වෙමිනි. මහනුවර නගරයේ පවතින දැඩි රථ වාහන තදබදයට හේතුව මෙම මාර්ගය වසා තැබීම බව බොහෝ පිරිසගේ චෝදනාව වී තිබේ.

රථ වාහන තදබදය අවම කිරීමට උමං මාර්ගයක්‌ මේ වනවිටත් ඉදිකිරීමට පියවර ගෙන ඇතැයි ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here