‘ජාතික ආණ්ඩුවෙන් පසු ශ්‍රීලංකන් පාඩුව අඩු වෙලා

0
599

ජාතික ආණ්ඩුව පිහිටුවීමෙන් පසු ‘ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්’ සමාගමේ පාඩුව ක්‍රමිකව අඩු වී ඇතැයි එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

2011 සිට 2015  කාලයේදී සමාගමේ පාඩුව රුපියල් බිලියන 91.8ක් වූ බවත් එම පාඩුව 2016/2017 මූල්‍ය වර්ෂයේදී රුපියල් මිලියන 27,789ක් දක්වා අඩු වූ බවත් සඳහන් කරයි.

වසර 2015 දී ඉන්ධන මිල ගණන් අඩු වූ නිසා ප්‍රවේශපත්‍රවල මිල අඩු වුවත් ඉන්ධන මිල ඉහළ ගිය පසු ඊට සාපේක්ෂව ප්‍රවේශපත්‍ර මිල ඉහළ නොගිය බව එම සමාගම නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.   එමෙන්ම මිල අධික ගුවන් යානා කිහිපයක් මිලදී ගැනීමට කටයුතු කිරීමත්, ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් 2016 වසරේ මූල්‍ය ප්‍රකාශය දුර්වල වූ බව එහි සඳහන්ව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here