Friday, May 17, 2024

විදුලි පුටු හා විදෙස් විනිසුරුවන් ශබ්ද කෝෂයෙන් ඉවත් කර දැමූවා- ඇමති විජයදාස රාජපක්ෂ

ජාත්‍යන්තර අධිකරණ හෝ විදෙස් විනිසුරුවන් ගෙන ඒමේ කිසිදු සූදානමක් නොමැති බව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අවධාරණය කරයි. අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා මේ බව අවධාරණය කළේ අද (18) පෙරවරුවේ රුපියල් මිලියන 96 ක් වැය කරමින් ඉදි කරන කහටගස්දිගිලිය නව අධිකරණ සංකීර්ණයේ නව ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට එක් වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා, “ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ වත්මන් රජය යටතේ ජාත්‍යන්තර අධිකරණ, විදුලි පුටු හා විදෙස් විනිසුරුවන් ශබ්ද කෝෂයෙන් ඉවත් කර දැමූවා. බලයෙන් පහ වූ බංකොළොත් දේශපාලන ඒ මගින් වාසි ගනිමින් ජනතාව නොමග යැවීමේ කටයුත්තක නියැලී ඉන්නවා. අද සමහරු අහනවා මේ ආණ්ඩුව මොනවද කරේ කියලා. ජාත්‍යන්තරව අපට විශාල තර්ජනයක්ව තිබුණු ජාත්‍යන්තර අධිකරණ, විදුලි පුටු හා විදෙස් විනිසුරුවන් පිළිබඳ කථා අපට සම්පූර්ණයෙන්ම නවත්වන්න හැකි වුණා. ඉකුත් පාලනය විසින් වළපල්ලට දමා තිබූ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් අපි නැවත ස්ථාපිත කළා. අද ඕන කෙනකුට ජනාධිපතිවරයා, අගමැතිවරයා ආණ්ඩුව විවේචන කරන්න, අවලාද නගන්න පුළුවන්. සුදු වෑන්, පැහැරගැනීම්, ඝාතන, බෙලි කැපිලි, කකුල් කඩන සංස්කෘතියක් නෑ. ඒ යුගය අපි අවසන් කළා. ඒන් නිසා අපට ජාත්‍යන්තරව විශාල ජයග්‍රහණ ලබාගන්න පුළුවන් වුණා. ඒක අප ලබපු සුවිශාල ජයග්‍රහණයක්” යැයි කීය. මෙම අවස්ථාව සඳහා අධිකරණ හා බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය සාරතී දුෂ්මන්ත මිත්‍රපාල මැතිතුමා අමාත්‍යාංශ ලේකම් ඇතුළු පිරිසක් එක් වූහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles