මානව හිමිකම් විකුණා පාර්ටියක් දැම්මා..

0
943

සේයා සදෙව්මි ඝාතනයට සැකපිට කොටදෙණියාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන බලෙන් පාපොච්චාරණයක් කරවාගෙන වැරදිකරුවා කරන්නට උත්සහ කල දුනේෂ් ප්‍රියශාන්ත වෙනුවෙන් පෙනීසිටි තරුණ නීතීඥයන් දෙදෙනෙක් ඊයේ බොරැල්ල ප්‍රසිද්ධ හෝටලයක සුපිරි පන්නයේ සාදයක් පවත්වා ඇත.

විශේෂයෙන්ම දුනේෂ් ප්‍රියශාන්තගේ මානව හිමිකම් කඩවීම වෙනුවෙන් සිංහනාද කර ඔහු වෙනුවෙන් ඉදිරිපත්වූ මෙම නීතීඥයන් දෙදෙනා දැන් දැන් සිදුකරන්නේ දුනේෂ් පෙන්වා රාජ්‍ය නොවන සංවිධාන වලින් මුදල් කුට්ටි පිටින් ලබාගැනීම බව විශ්වාසවන්ත ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබේ.

තමන්ට මුදල් ඉල්ලමක් වී ඇති දුනේෂ්ට පාර්ටියක් දීමට මේ නීතීඥයන් දෙදෙනා තීරණය කලේ ඒ නිසාය. දුනේෂ්, නීතිඥයන් දෙදෙනා ඇතුලු 25 දෙනෙක් පමණ සහභාගීවී ඇති මෙම පාර්ටියට කෑමෙන්,බීමෙන් සුපිරි මට්ටමට පැවැත්වෙන්නේ සියලු දෙනාම සතුටු කරමින්ය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here