Wednesday, May 15, 2024

ආණ්ඩුවේ දෙදරීම් ගැන හකීම් කතා කරයි

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම් මහතා පසුගියදා මහනුවර, පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවති පක්ෂ සම්මේලනයේදී මුල්ම වරට වත්මන් ආණ්ඩුවේ දෙදරීම්, ඉරිතැලීම් ගැන ජනතාව වෙත හෙළිකරනු ලැබීය.

“මේ ආණ්ඩුවේ දැන් ලොකු පිල් බෙදීමක් තිබෙනවා, ජනාධිපතිවරයා විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවීමෙන් පවා පෙන්න තියනවා කැබිනට් එක ඇතුලෙත් ලොකු ගැටුමක් පවතින බව.“

අමාත්‍ය හකීම් එලෙසින් කියා සිටියේ වත්මන් ආණ්ඩුව තුල සිටින ඇමතිවරයෙකු වශයෙන් තමන්ගේ දේශපාලන ඥානයට වැටහෙනා ආකාරයෙන්ය.

“අපි දුක්වෙනවා මේ ආණ්ඩුවෙන් අපි බලාපොරොත්තුවුණු දේවල් සිදු නොවුන එක ගැන..පසුගිය ආණ්ඩුව පෙරළලා මේ ආණ්ඩුව පත්කරන්න මුස්ලිම් ජනතාව විශාල කාර්යයක් කලා..ඒත් මේ ආණ්ඩුව තවමත් ඒකට ප්‍රතිඋපකාර කරලා නෑ“

යුද්ධය අවසන් වී තිබියදී පවා උතුරු නැගෙනහිර මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීම මේ රජය යටතේ පවා ප්‍රමාදවීම පිළිබඳව තමන්ගෙන් ජනතාව ප්‍රශ්න කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දැක්වීය.

 

 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles