රවී ඇල්ලේ ගුණවංශ හිමියන් බැහැදකී

0
693
හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා ඊයේ පස්වරුවේ  පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් බැහැදැක තිබේ.
මෙහිදී පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් සඳහන් කළේ තමන්වහන්සේට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මුළුමහත් හමුදාවම කම්පාවට පත්ව ඇති බවයි.
රවී කරුණානායක මහතාට අවවාද කිරීමට අවශ්‍යව තිබූ බවත්, මේ වන විට රවී කරුණානායක මහතාගේ දේශපාලන ජීවිතයේ ඇති වී ඇති තත්ත්වය පිළිබඳව කණගාටුවන බව තවදුරටත් උන්වහන්සේ සඳහන් කළේය.
මෙහි දී සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධවේදීයෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රවී කරුණානායක මහතා ප්‍රකාශ කළේ තමන් පැමිණියේ භේද කිරීමට නොවන බවත්” උපකාරයක් කිරීමට හැකි නම් තමන් එය සතුටින් කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here