Monday, May 20, 2024

සිල් රෙදි හොරු බැලීමට ඒකාබද්ධ විපක්ෂය යයි

ඒකාබද්ධ විපක්ශයෙ මන්ත්‍රීවරු පිරිසක්  වැලිකඩ බන්ධනාගාරය වෙත පැමිණ ලලිත් වීරතුංග මහතාගේ සහ අනූෂ පැල්පිටිය මහතාගේ සුවදුක් විමසූහ.
බන්දුල ගුණවර්ධන ඩලස් අලහප්පෙරුම සහ මහින්දානන්ද අලුත්ගමගේ යන මන්ත්‍රීවරුන් මෙලෙස අද පෙරවරුවේ වැලිකඩ බන්ධනාගාරය වෙත පැමිණ තිබේ.
මෙහි දී අදහස් දැක් වූ  බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ මෑත ඉතිහාසයේ ප්‍රථම වතාවට දේශපාලන සිරකරුවන් නිර්මාණය වන අවස්ථාවක් ලෙස මෙය සැළකිය හැකි බවයි.
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය අනූව පැවරී ඇති බලය අනූව ජනාධිපතිවරයාගේ විධානයක් ක්‍රියාත්මක කර ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ට සිල් සමාදන් වීම සඳහා සිල් රෙදි බෙදා දීම කරණ කොටගෙන ලලිත් වීරතුංග මහතාට සහ අනූෂ පැල්පිටිය මහතාට මෙවැනි සිර දඬුවමක් විඳීමට සිදුව ඇති බව ද මන්ත්‍රීවරයා  වැඩිදුරටත් සඳහන් කළේය.
මාධ්‍යෙවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ වීරතුංග මහතා සහ පැල්පිටිය මහතා අතින් කිසිදු වරදක් සිදුව නොමැති බවයි.
ලලිත් වීරතුංග මහතා රාජ්‍ය සේවයේ සිටි සතපහක්වත් සොරකතම් නොකළ රාජ්‍ය නිළධාරියෙකු බවත් කිසිදු චකිතයකින් තොරව තමා එය සහතික කරන බවත් ඩලස් අලහප්පෙරුම මහතා මෙහි දී අදහස් පල කරමින් කියා සිටියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles