ඕස්ට්‍රේලියාවේ රැකවරණය පැතූ ලාංකික දෙමළ තරුණයා සිය දිවි හානි කර ගනී

0
656

සිව් අවුරුද්දක් තිස්සේ ඕස්ට්‍රේලියාවෙන් පැතූ දේශපාලන රැකවරණය නොලැබ පැපුවා නිව් ගිනීයා මානුස් දිවයිනේ පිහිටි සරණාගත කඳවුරක රඳවා සිටි ශ්‍රී ලාංකික දෙමළ තරුණයකු සියදිවි හානි කර ගෙන තිබේ.

රජිව් රාජේන්ද්‍රන් නම් මෙම පුද්ගලයාගේ මෘත ශරීරය 2 සඳුදා උදැසන ලොරෙන්ගෝ රෝහල් භුමියේදී හමු වී ඇතැයි මානුස් දුපතේ පොලිස් අණදෙන නිලධාරී ඩේවිඩ් යාපු පවසා ඇත.

යාපනයේ විසු රජිව් හමුදාව විසින් එල්ල කළ තර්ජන හමුවේ ශ්‍රී ලංකාවෙන් පලා ගොස් 2013 වසරේදී ක්‍රිස්මස් දුපතට පැමිණ ඇති අතර එහිදී ඕස්ට්‍රේලියා බලධාරීන් විසින් අත් අඩංගුවට ගන්නා ලද රජිව් මානුස් දිවයිනේ සරණාගත මධ්‍යස්ථානයෙහි රඳවා තබා ඇත.

මානසික රෝගී තත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසුව, 32 හැවිරිදි ඔහු සිය දිවි හානි කරගෙන ඇතැයි සැක කෙරෙන බව සරණාගතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරු පවසති.

පසුගිය සිකුරාදා ඔහු විසින්ම ඔහුගේ උගුර කපා ගෙන ඇති අතර බලධාරීන් නිසි ප්‍රතිකාර ලබා දීම ප්‍රතික්ෂේප කර ඇතැයි ඔහුගේ මිතුරන් පවසා තිබේ.

රජීව් වසරකට වැඩි කාලයක් විෂාදයෙන් පිඩා විඳි බව මෙන්ම එසේම ඔහුගේ මානසික තත්වය ක්‍රමයෙන් පිරිහී ගොස් ඇති බව ඕස්ට්‍රේලියාවේ දෙමළ සරණාගත මණ්ඩලය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here