Sunday, May 5, 2024

ජනපති මෛත්‍රීට ඕස්ට්‍රේලියාවෙන් දූෂණ චෝදනා

පසුගිය රජය සමයේ වාරිමාර්ග හා මහවැලි සංවර්ධන අමාත්‍යවරයාව සිටි , ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඔස්ට්‍රේලියානු මාධ්‍ය විසින් දුෂණ චෝදනාවක් එල්ල කර තිබේ.
හිටපු අමාත්‍යවරයා විසින් ලෝක බැංකුවේ ආධාර මත 2009 වර්ෂයේ සිදුවූ වේල්ලක් ඉදිකිරීමේ ඇ.ඩොලර් මිලියන 1.8 ක ව්‍යපතියක්, ඔස්ට්‍රේලියා සමාගමකට ලබා දීමේදී විශාල මුදලක් ලබා ගත් බවට චෝදනා එල්ල කරමින් ඕස්ට්‍රේලියානු මාධ්‍ය විසින් මෙම චෝදනාව එල්ල කර තිබුනි.

එම කරුණු අනුව ලෝක බැංකුව විසින් සිදු කල දීර්ඝ පරික්ෂණයකින් පසුව අදාළ සමගම විසින් ශ්‍රී ලංකාවේ එවකට සිටි අමාත්‍යවරයා සමග මෙම ගනුදෙනුව සිදු කොට ඇති බව තහවරු වීමෙන් පසුව එම ඕස්ට්‍රේලියානු සමාගම අසාදු ලේඛන ගත කොට ඇති බව සදහන්.

ඕස්ට්‍රේලියානු සුප්‍රසිද්ධ ඉංජිනේරු හා ඉදිකිරීම් සමාගමක් වු එස්එම්ඊසි Iconic Australian engineering company, SMEC මෙසේ ලෝක බැංකුව විසින් අසාදු ලේඛන ගත කළ සමාගම වේ.

මෙම සමාගම විසින් ශ්‍රී ලංකාවේ සහ බංගලිදේශයේ ලෝක බැංකු ආධාර මත විවිධ ව්‍යාපෘති කර තිබේ. එහිදි ශ්‍රී ලංකාවේ ව්‍යාප්ති සඳහා නුසුදුසු ගෙවීමක් එවකට ශ්‍රී ලංකාවේ කැබිනට් අමාත්‍යවරයෙකු වූ මෛත්‍රීපාල සිරිසේන අමාත්‍යවරයාට ගෙවූ බව එම ප්‍රවෘත්තියේ සඳහන් වේ.

1944 දි ලෝක බැංකුව ආරම්භ වූ පසු ශ්‍රී ලංකාවේ නොයෙකුත් සංවර්ධන ව්‍යපති සඳහා ආධාර ලබාදීමට ලෝක බැංකුව කටයුතු කර ඇති අතර ශ්‍රී ලංකාවේ දේශපාලඥයෙකු සමඟ නුසුදුසු ගනුදෙනුවක් කළා යැයි චෝදනා එල්ල වී මෙසේ විදේශ සමාගමක් ලෝක බැංකුවම විසින් සිදු කල දීර්ඝ විමර්ශනයකින් පසුව වැරදිකරුකොට ආසදු ගත කල පලමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයකි. මේ පිළිබදව වාර්තා කරන සන්ඩේ ටයිම්ස් පුවත්පත ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක ධර්මශ්‍රී ඒකනායකගෙන් සිදුවීම පිළිබදව විමසූ අවස්තාවේ , ජනාධිපතිවරයාගෙන් උපදෙස් ලබා ගෙන ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා වලට ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රතිචාර දක්වන බව ඔහු සන්ඩේ ටයිම්ස් පුවත්පතට සදහන් කර තිබේ.

මෙම සිදුවීම පිළිබදව ද සිඩ්නි මෝනිං හැරල්ඩ්බි, බ්ස්බ්‍රේන් ටයිම්ස් , ඕස්ට්‍රේලියා නිව්ස් , ට්‍රේන්ඩ්ස් හබ්ස් , කැන්බරා ටයිම්ස් යන ඔස්ට්‍රේලියාවේ සියලු ප්‍රධාන මාධ්‍ය මෙම සිදුවීම වාර්තා කොට තිබීම විශේෂත්වයකි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles