තාජුඞීන් ඝාතන පරීක්ෂණ කොට උඩ යන ලකුණු

0
932

රගර් කී‍්‍රඩක වසීම් තාජුඞීන්ගේ ඝාතන විමර්ශන කටයුතු යළිත් වරක් යට ගැසීම සඳහා රජයේ ප‍්‍රබල ඇමැතිවරයකුගේ මැදිහත් වීමක් සිදු වන බව වාර්තා වේ.

මෙම මැදිහත් වීම සිදු වන්නේ කලක් තාජුඞීන් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ තරුණියගේ නව සම්බන්ධතාවක් මත බව ද අනාවරණය වී ඇත.

එම තරුණිය වර්තමානයේ දී මහනුවර රග්බි කණ්ඩායමේ ක‍්‍රීඩකයකු සමඟ සමීප සම්බන්ධතාවක් පවත්වාගෙන යන අතර ඔහුගෙන් ද එක් වරක් තාජුඞීන් ඝාතනය සම්බන්ධයෙන් ප‍්‍රශ්න කර ඇත.

කෙසේ වෙතත් මහනුවර රග්බි කණ්ඩායමේ සාමාජිකයන් 08 දෙනකු ඇතුළු එම තරුණිය ද පසුගිය දා නිමා වූ ලෝක රග්බි කුසලානයේ අවසන් තරගය නැරඹීම සඳහා එක්සත් රාජධානිය බලා ගිය බව ද වාර්තා වේ. ඒ අදාළ ඇමතිවරයා ගේ මුල්‍ය අනුග්‍රහයෙනි.

තාජුඞීන්ගේ ඝාතන විමර්ශනයෙදී අදාළ තරුණියට මින් ඉදිරියට කරදරයක් ඇති නොවීමට වගබලා ගන්නා බව ඇමතිවරයා එහිදී පොරොන්දු වී ඇතැයි පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here