ශ්‍රී පාදයේ කුණු කන්දක් නායයයි

0
1027

පසුගිය දිනවල අඛණ්ඩව ඇඳ හැලුණු ධාරානිපාත වර්ෂාවත් සමඟම ශ්‍රී පාද හැටන් මාර්ගයේ නල්ලතන්නියේ සිට උඩමලුව දක්වා වු මාර්ගයේ මහගිරිදඹ ප්‍රදේශයේ කුණු කන්දක් මීට දින 04කට පමණ පෙර සිට නාය ගොස් ඇති බව නල්ලතන්නිය පොලීසිය පවසයි.

ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් විසින් උඩමළුවේ ප්‍රදේශයේ මුදා හැර තිබු අපද්‍රව්‍ය පහළට රැගෙන ඒම සඳහා එක් රැස් කර තිබු කුණු කන්දක් මෙලෙස නාය ගොස් ඇත.

මෙම නායයෑමෙන් ශ්‍රී පාද නල්ලතන්නිය මාර්ගයේ මහගිරිදඹ ප්‍රදේශයේ මාර්ගයේ මීටර් 15 ක් පමණ කොටසක් අවහිර වී ඇති බව පොලීසිය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here