අරඹේපොල රතනසාර හිමි රිමාන්ඩ්

0
651

රොහින්ග්‍යාවරුන් රඳවා සිටි ගල්කිස්සේ නිවසක් ඉදිරිපිට කළහකාරී ලෙස හැසිරුණැයි සැකපිට අත්අඩංගුවට ගත් සිංහලේ සංවිධානයේ ක්‍රියාකාරිකයකු වන අරඹේපොල රතනසාර හිමි ලබන 30 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා නියෝග කළේය.

සැකකාර හිමියන් එදින හඳුණාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට ද නියමිතය.

අරඹේපොල රතනසාර හිමියන් අත්අඩංගුවට පත්වන විට ජාතික හැඳුන්ම්පත් දෙකක් ද තිබුණු බව පොලිසිය කියයි. එක් හැඳුනුම්පතක් පසුගිය ජූලි මාසයේ සකසා ඇති අතර එහි ඇත්තේ ඒ හිමියන් ගිහි කළ ඡායාරූපයක් බව ද පොලිසිය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here