Saturday, May 18, 2024

කැනඩාවේ නිකාබ් තහනම්

කැනඩාවේ ප්‍රාන්තයක් විසින් මහජන සේවයක නිරතව සිටින අවස්ථාවක හෝ මහජන සේවාවක් ලබාගන්නා අවස්ථාවක මුහුණ ආවරණය කිරීම තහනම් කිරීමේ නීතියක් සම්මත කරනු ලැබීය.

කැනඩාවේ කෙබෙක් (Quebec) ප්‍රාන්තයේ ජාතික මන්ත්‍රණ සභාව මතභේදයට තුඩු දී තිබෙන එම නීති සංශෝධනය සම්මත කළේ නගර සභා පොදු ප්‍රවාහන සේවාවලට ද බලපැවැත්වෙන ආකාරයටය.

ඒ අනුව මහජන සේවාවක් ලබාගැනීමේ දී හෝ මහජන සේවයක නිරතවීමේ දී මුහුණ නිරාවරණය කිරීමට සිය බුර්කාවකින් හෝ නිකාබ් ඇඳුමෙන් සැරසී සිටින කෙබෙක් (ක්වෙබෙක් යනුවෙන් ද හැඳින්වේ) ප්‍රාන්තයේ කාන්තාවන්ට සිදු වේ.

2014 සිට ප්‍රාන්තයේ බලය හොබවන ලිබරල් පක්ෂය එම නීති සංශෝධනය ඉදිරිපත් කළේ මීට දෙවසරකට ඉහතදීය.

ඒ අනුව බුර්කාවකින් හෝ නිකාබ් ඇඳුමෙන් සැරසී සිටින රජයේ නිලධාරිනියන්, පොලිස් නිලධාරිනියන්, ගුරුවරියන්, බස් රියදුරන් සහ මහජන සෞඛ්‍ය සේවාවල නිරතව සිටින වෛද්‍යවරියන්, වින්නඹු මාතාවන් සහ දන්ත වෛද්‍යවරියන්ට ද සිය සේවා කාලය අතරතුර සිය මුහුණ නිරාවරණය කිරීමට සිදුවේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles